OnlineLK Community
GTA San Andreas ලංකාවේ විදියට Play කරමු..! - Printable Version

+- OnlineLK Community (http://community.onlinelk.net)
+-- Forum: NEWS AND INFORMATION (http://community.onlinelk.net/forumdisplay.php?fid=1)
+--- Forum: Information (http://community.onlinelk.net/forumdisplay.php?fid=4)
+--- Thread: GTA San Andreas ලංකාවේ විදියට Play කරමු..! (/showthread.php?tid=3)



GTA San Andreas ලංකාවේ විදියට Play කරමු..! - DYN - 08-02-2018

ලෝකයේ පරිගණක ක්‍රීඩා රසිකයන් අතර ජනප්‍රිය ක්‍රීඩාවක් වන GTA San Andreas මෙයට කලකට පෙර අන්තර්ජාලයෙන් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සමග එක්ව ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි Multi Theft Auto හදුන්වා දෙන ලදී.

එම ක්‍රීඩාව ලාංකික ක්‍රීඩකයන්ට වඩාත් සමීප කිරීමේ අදහසින් අප SLMTA කණ්ඩායම විසින් වසර 7ක කාලයක් තිස්සේ  මෙම ක්‍රීඩාව ලංකාවට උචිත අයුරින් ප්‍රතිනිර්මානයකොට ශ්‍රී ලංකාවේ ඔබ සඳහාම ඉදිරිපත් කර තිබේ..  

ගෝල්ෆේස්, ලෝක වෙළඳ මධ්‍යස්ථානය වැනි ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන මෙම ක්‍රීඩාවේ Map එක තුල අන්තර්ගත වන අතර ඉදිරියේදී තවත් කොළඹ නගරය ආශ්‍රිත ස්ථාන එයට එක්කිරීමට අප නියමිතය. එමෙන්ම එම ක්‍රීඩාව තුල නොයෙකුත් අන්දමින් විවිධ ඉසව් සංවිධානය කිරීමත් එම ඉසව් වලින් ජයග්‍රහණය කරන ක්‍රීඩකයන් හට ත්‍යාග ලබාදීමටත් අප SLMTA කණ්ඩායම විසින් කටයුතු යොදා තිබේ.

එමෙන්ම ලංකාවේ ප්‍රථම වතාවට Online Mulplayer Game එකක් ඇතුලත සංවිධානය කරපු අවුරුදු උත්සව, ලංකාවේ අලුත් කාර් මොඩ්ස් එක්ක ඩ්‍රයිව් කරන්න, ජොබ් කරලා සල්ලි හොයන්න, ඒ සල්ලි වලින් කෑම බිම, ගෙවල්, වාහන වගේ තව ගොඩක් දේවල් මිලදී ගන්න, අනිත් කට්ටිය එක්ක චැට් කරන්න කතා කරන්න, අලුත් යාලුවෝ අදුරගන්න, පාටි දාන්න,  කට්ටියත් එක්ක ෆිල්ම් හෝල් එකට ගිහින් ෆිල්ම් එකක් බලන්න, Vehicle Perad යන්න,  සිංහල රේඩියෝ අහන්න, යාළුවොත් එක්ක රේස් යන්න, කඳු නගින්න වගේ දේවලුත් එක්ක හිම වැටෙද්දී වාහන එළවන් යන්න, ගංවතුර සුනාමි වගේ ස්වාභාවික විපත් වලට මුහුණ දෙන්න, සොම්බි ඇටැක් වලින් බේරෙන ගමන් යාළුවොත් එක්ක එකතු වෙලා සොම්බින්ව හන්ට් කරන්න වගේ තවත් බොහෝ දේ මෙම ක්‍රීඩාව ඇතුලතදී ලංකාවේ බොහෝ පිරිසක් සමග ඔබට අත් විඳීමට හැකියි.

ගේම් ප්ලේ වීඩියෝ එක නරඹන්න පහතින් 



ඔබේ සතුව San Andreas නොමැතිනම් පහල තියෙන ලින්ක් එක මගින් ගේම් එක Download කරගන්න. (671MB)


ඉන්පසු San Andreas multiplayer play කිරීමට අවශ්‍ය වන MTA Software එක මෙතනින් Download කරගන්න (50MB)


මුලින්ම San Andreas ගේම් එක install කරගෙන ඉන් පසුව MTA Software එක install කරගන්න.

ඉන්පසු MTA සොෆ්ට්වෙයා එක Open කරගෙන එහි Server browser ක්ලික් කර පහල ඇති Server Address වලින් ඕනෑම එකක් copy කරගෙන address bar එකේ Paste කර (Ctrl+V) දකුණු පස තිබෙන Connect Button එක Click කරන්න

SLMTA Freeroam Server Address  - mtasa://mta.onlinelk.net:22003

මේ Server එකට පැමිණියාම තමයි ලිපියේ සඳහන් කරලා තියෙන දේවල් ඔයාලට අත්විඳගන්න පුළුවන් වෙන්නේ… ඒ වගේම F1 key එක එබීම මගින් ඔබට අවශ්‍ය වාහන, ස්කින්, වැනි දේවල් ලබාගැනීමට හැකියාව තිබෙනවා. F9 key එක එබීම මගින් හෙල්ප් පැනල් එකට ගිහින් ප්ලේ කරන විදිය ගැන වැඩි විස්තර බලාගන්න පුළුවන්.

SLMTA Stealth Server Address  -  mtasa://mta.onlinelk.net:22004

මේ Server එකට පැමිණියාම ඔයාට තියෙන්නේ ඔයාල හැමෝම දන්න COD වගේ Team දෙකකට බෙදිලා වෙඩි තියාගන්න.. එකේදී හොඳම Shooter Rank වෙනවා වගේම අවුරුද්දට කිහිපවතාවක් පවත්වන Stealth Tournament වලින් ජයග්‍රහණය කරනු ලබන Team වලට තෑගි ප්‍රදානය කරන්නත් SLMTA කණ්ඩායම කටයුතු කරනවා.

SLMTA Roleplay Server Address  - mtasa://mta.onlinelk.net:22005

මේ Server එකට පැමිණෙන ඔයාලට පුළුවන් වෙනවා විවිධ කණ්ඩායම් නිර්මාණය කරමින් ඔබගේ කණ්ඩායම සමග නොයෙකුත් ප්‍රදේශයන් ආක්‍රමණය කිරීමට තමන්ගේම එම ප්‍රදේශය තුල තමන්ගේම පාලනයක් ගෙනයාමට ඒ වගේම පොලිසිය හමුදාව අපරාධකරුවන් සේවා සපයන්නන් වශයෙන් බෙදී ක්‍රීඩා කිරීමේ හැකියාව, වැනි නොයෙකුත් අන්දමේ ක්‍රියාකාරකම් කිරීමට හැකියාව ලැබෙනවා.. 

SLMTA TeamSpeak 3 Voice Server - ts3server://ts.onlinelk.net:9987

මෙම Server එක හා සම්බන්ධ වීමට ඔබ සතුව Team Speak Software එක තිබිය යුතුය.. එමගින් ඔබට ඔබගේ යහළුවන් සමග කතා කරමින් ඉතාමත්ම අඩු Data වැයවිමකින් ක්‍රීඩාවේ විස්තර කතා කරමින් ක්‍රීඩා කිරීමේ හැකියාව ලබාදෙනවා..

SLMTA Discord Server -  https://discord.gg/sDszZtF

මෙම Server එක හා සම්බන්ධ වූ ඔබට ටීම් ස්පික් හා සමානවුම අත්දැකීමක් ලබාගන්න හැකියාව තියෙනවා.. ඊට අමතරව මෙහිදී ඔබට යාළුවන් හා චැට් කරන්න සහ game play screenshots, photos බෙදාගැනීමටත් අවස්ථාව හිමිවෙනවා.. 


MTA Server එකට සම්බන්ද වන පළමු අවස්ථාවේදී පමණක් මැප් එක හා අනෙකුත් දේවල් ඇතුලත් ඩේටා ෆයිල් එකක් බාගත වනු ඇත. “T” බටන් එක ප්‍රෙස් කිරීම මගින් අනෙක් ප්ලේයර්ස්ලා සමග චැට් කරන්න පුළුවන්. මේ ගේම් එක ප්ලේ කිරීමේදී පැයකට 15-20MB අතර වගේ බොහොම සුළු ඩේටා ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ.ඒ වගේම 2G connection එකකින් පවා ලැග්වීමක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන්.

මෙම පරිගණක ‍ක්‍රීඩාව ඉන්ස්ටෝල්  කිරීම, නිවැරදි ආකාරයට ප්ලේ කිරීම පිළිබද අවබෝධයක් පහත වීඩියෝව නැරඹීමෙන් ලබාගත හැක.




මෙම පරිගණක ‍ක්‍රීඩාව සම්බන්ධව වැඩි විස්තර ඔබට පහත ලිපින ඔස්සේ දැනගත හැක.

SLMTA Facebook Fan page – https://www.fb.com/MultiTheftAutoSanandreas
SLMTA Facebook Group – https://www.facebook.com/groups/mtasa
Viber Public Chat – http://chats.viber.com/mtasa

~TEAM SLMTA~


RE: GTA San Andreas ලංකාවේ විදියට Play කරමු..! - DeadthStrock - 02-12-2018

elam !! Keep it up !  Heart Heart